BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ මරණය ගැන පොලිසිය අධිකරණයේදී පැවසුවේ මොනවා ද?
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සිය නිවසේදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කර එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මාලබේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් රණසිංහ වෙත සිකුරාදා (ජූලි 17) නියෝග කළේ ය.
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ මරණය සම්බන්ධයෙන් අප මෙතෙක් දන්නේ මොනවා ද?
අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී හිටපු පොලිස්පතිවරයා "වෙඩි තබා ගෙන සිය දිවි හානි කර ගෙන" මියගොස් ඇති බවට සැක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
'මගේ අම්මා අවුරුදු ගාණක් මාව හිතාමතා ම ලෙඩෙක් කළා-අන්තිමට මම බේරුණේ වෛද්‍යවරයෙක් නිසා'
ළමා රෝග තත්ත්ව ව්‍යාජකරණය (PCF), ගොතන ලද හෝ ප්‍රේරිත රෝග (FII) හෝ ප්‍රතියුක්ත මුන්චවුසන් සින්ඩ්‍රෝමය ලෙස ද හැඳින්වේ. එය ළමා අපයෝජන ආකාරයකි. මෙම තත්ත්වය තුළ, රැකබලා ගන්නෙකු, සාමාන්‍යයෙන් දෙමාපියෙකු, දරුවෙකුගේ අසනීපයක් පිළිබඳව ව්‍යාජ ප්‍රකාශයක් කරයි. රෝග ලක්ෂණ අතිශයෝක්තියට නංවයි. නැතහොත් දරුවා හිතාමතා ම අසනීප කරවයි. ඇතැම් භාරකරුවන් මෙය කරන්නේ මන්දැයි වෛද්‍යවරුන්ට සහ පර්යේෂකයන්ට තවමත් සම්පූර්ණයෙන් වැටහෙන්නේ නැත.
සෞඛ්‍ය සම්පන්න ලෙස ආහාර ගැනීමට ඔබේ මනස පොළඹවා ගත හැකි ක්‍රම හතක්
අප ගන්නා ආහාර පිළිබඳව තීරණය කරන්නේ අපම යැයි අප සිතුවද, සැබවින්ම අප මිලදී ගන්නා දේ සහ අනුභව කරන ප්‍රමාණය නිරන්තරයෙන්ම පාලනය කරනු ලබන්නේ අපේ ඉන්ද්රියයන් මගිනි. ඒවා ඔබට වාසිදායක ලෙස හරවා ගත හැකි ආකාරය මෙම ලිපිය මගින් සාකච්ඡා කෙරේ.
ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ ඉගෙනීමේ අයිතියට හරස් වන පහසුකම් හිඟය
විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකුගේ මවක් ඇය සහ ඇයගේ හත් හැවිරිදි දරුවා පාසලේ සනීපාරක්ෂක ගැටලු හේතුවෙන් දිගින් දිගට ම මුහුණ දුන් අමිහිරි අත්දැකීම් සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ දීර්ඝ විස්තරයක් සඳහන් කර තිබූ අතර, එයට සෘජුව ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් ප්‍රතිචාර දක්වමින් කියා තිබුණේ, අදාළ පාසලේ වැසිකිළි පහසුකම් සම්බන්ධ ගැටලුවට වහා ම විසඳුමක් ලබා දෙන බව යි.
මෙසී, මැරඩෝනා සහ පේලේ අතරින් පාපන්දු ලොව ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා කවුද?
ලියොනෙල් මෙසී තම ක්‍රීඩා ජීවිතයේ තෙවන ලෝක කුසලාන අවසන් මහා තරගයට සූදානම් වන අතරතුර නැවතත් මේ සුපුරුදු ප්රශ්නය මතු වී තිබේ: මෙම ආර්ජන්ටිනා සුපිරි තරුව පාපන්දු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා ද? ඔහු තමාට පෙර සිය රට නියෝජනය කළ ඩියෙගෝ මැරඩෝනා සහ බ්‍රසීලයේ පේලේ අභිබවා ගොස් තිබේ ද?
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
ඔබත් මෙම AI කතුන්ට රැවටුණා ද? නව අධ්‍යයනයකින් හෙළිවූ කරුණු
මෙම අධ්‍යයනයේ හමුවූ සීමා ද වැදගත් සොයාගැනීමක් ලෙස සැලකිය හැකි බව පෙන්වා දෙන ඔහු ඊට හේතුව ලෙස එහි සඳහන් කර ඇත්තේ, මෙම ගිණුම් එක ම පුද්ගලයෙකු හෝ සංවිධානයක් සතු ද , ඒවා මෙහෙයවන්නේ කවුද, ඒවා පිටුපස ස්වයංක්‍රීය පද්ධති තිබෙන්නේ, සහ ඒවායෙන් ලැබෙන ආදායම අවසානයේ කා වෙත ගලා යන්නේ ද යන්න ෆේස්බුක්හි ප්‍රසිද්ධියේ පෙනෙන තොරතුරු පමණක් ඇසුරෙන් තහවුරු කළ නොහැකි වීම යන්න ය.
මරියසෙල් ගුණතිලක: අවුරුදු 7දී ගායන වේදිකාවට පා තබා 68දී ජීවිත වේදිකාවෙන් බැස ගිය 'කැන්ඩි ළමිස්සි'
සිංහල සංගීත ක්ෂේත්රයේ බොහෝ දෙනෙකු පවසන ආකාරයට මරියසෙල් ගුණතිලකගේ හැරවුම් ලක්ෂය වූයේ, 'කැන්ඩි ළමිස්සි' ගීතය යි. 1977 වසරේදී පටිගත කරන ලද එම ගීතය ක්ෂණිකව අතිශයින් ජනප්‍රිය වූ අතර, මරියසෙල් ගුණතිලක සිංහල සංගීත ක්ෂේත්රයේ සලකුණක් තැබුවේ, එම ගීතය හරහා ය.
ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීම: මුදල් කාරක සභාවේ විමර්ශන වාර්තාවේ සඳහන් විශේෂ කරුණු 5ක්
රජයේ මුදල් කාරක සභාවට අනුව, මෙම වංචාව සිදු කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ අදාළ මූල්‍ය ආයතනයෙන් ඒවා ඇති බවට පෙනෙන ව්‍යාජ විද්‍යුත් තැපැල් සන්නිවේදනයන් හරහා ය. වංචාකරුවන් සැබෑ ණයහිමියාගේ ලිපිනයට සමාන විද්‍යුත් තැපැල් ලිපින භාවිතාකර වෙනස් කළ බැංකු ගිණුම් විස්තර අඩංගු ඉන්වොයිසි යවා ඇති බව මෙහිදී නිරීක්ෂණය කර තිබේ.
බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට වාර්තා වන ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ගැටුම් ඉතිහාසය: 1900 සිට 2026 දක්වා
ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ සඳහන් කර ඇති ආකාරයට 1900 වර්ෂයේදී මහර ප්‍රදේශයේ ගල්වළක් තුළ සේවය සඳහා යොදවා සිටි සිරකරුවන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබේ. පසුව මෙම ගැටුම සමථයකට පත් කර ගැනීමට එහි සිංහල කාර්ය මණ්ඩලය ඉවත් කර මැලේ කාර්ය මණ්ඩලයක් යෙදවීමට පියවර ගෙන තිබිණි.
මීගමුව බන්ධනාගාරයේ නොසන්සුන්තාව ගැන ඔබ නිතර නගන ප්‍රශ්න 10කට පිළිතුරු
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර ජූලි 5 සහ ජූලි 6 යන දිනවල ඇතිවූ නොසන්සුන්තාව පිළිබඳ පාඨක ඔබ නගන ප්‍රශ්න 10කට පිළිතුරු ලබාදීමට මෙම ලිපිය මගින් බීබීසී සිංහල අපේක්ෂා කරයි.




















































