ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
සුරේෂ් සලේගේ රිට් පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලමින් කාදිනල් හිමිගෙන් අතරමැදි පෙත්සමක්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ ඉදිරිපත් කර ඇති රිට් පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි විසින් අභියාචනාධිකරණයට අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.
උසස් පෙළ කල් දමන්නැයි ඉල්ලූ පෙත්සම: විභාගයට ගන්නවා ද නැද්ද යන නියෝගයට දින නියම වෙයි
මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ, මෙම වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පළමු වරට හා දෙවන වරට පෙනී සිටින සිසු සිසුවියන් නව දෙනෙකු විසිනි.
ක්‍රිකට් නිලවරණය ප්‍රමාද වුවහොත් ශ්‍රී ලංකාවට සිදුවන්නේ කුමක් ද?
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නිලවරණය කඩිනමින් පැවැත්විය යුතු බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) දන්වා තිබේ. එය ඔවුන් දක්වා ඇති ප්රමුඛ අවශ්‍යතාවකි. ඒ අනුව, නිලවරණය පවත්වා අවසන් වනතුරු ICC මණ්ඩල රැස්වීම්වලට සහභාගී වීමට ශ්‍රී ලංකාවට ඇති අවස්ථාව තවදුරටත් අහිමි වේ.
රාජ්‍ය සේවය ඩිජිටල් කිරීමට ස්වේච්ඡාවෙන් මෘදුකාංග හදන කළමනාකරණ සේවා නිලධාරී දුෂාන්ත පනංගල
ඔහු නමින් දුෂාන්ත පනංගල ය. වෘත්තීය මට්ටමින් කළමනාකරණ සේවා තනතුරක් දැරුව ද, මෘදුකාංග සංවර්ධනය කෙරෙහි ඇති සිය දැඩි උනන්දුව සහ කැපවීම නිසා ම ඔහුගේ මෙම උත්සහය ඵලදරා තිබේ. සාමාන්‍ය රාජ්‍ය නිලධාරියෙකුගේ පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා වූ සාම්ප්‍රදායික භූමිකාවෙන් ඔබ්බට ඔහු ඇතුළු මෙම කණ්ඩායමේ ස්වේච්ඡා උත්සහය, දකුණු පළාතේ රාජ්‍ය සේවකයින්ට මෙන් ම සමස්ත රාජ්‍ය සේවය ම ඩිජිටල්කරණය කිරීමට රජය දරන ප්රයත්නයට ශක්තිමත් සහ සාර්ථක ප්‍රවේශයක් සපයා ඇත.
පිරිමින් මෙතරම් සෞඛ්‍ය සම්පන්න නොවන්නේ ඇයි? ඒ සඳහා කළ හැක්කේ කුමක් ද?
පිරිමින්ගේ සෞඛ්‍යය නංවාලීම සඳහා වන නව උපාය මාර්ගික සැලැස්මක් පිළිබඳ උපදේශන ක්‍රියාවලියක් එංගලන්ත රජය ආරම්භ කර තිබේ. විශේෂඥයන් පවසන්නේ, කාන්තාවන්ට වඩා පිරිමින් අකාලයේ මියයාමේ ප්‍රවණතාව ඉහළ මට්ටමක පවතින බැවින් මෙම පියවර බොහෝ කලකට පෙර ගැනීමට තිබූ එකක් බව ය. පිරිමින්ගේ සෞඛ්‍ය තත්ත්වය මෙතරම් දුර්වල වීමට හේතුව කුමක් ද? ඒ සඳහා කළ හැක්කේ කුමක් ද?
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
ඔබත් මෙම AI කතුන්ට රැවටුණා ද? නව අධ්‍යයනයකින් හෙළිවූ කරුණු
මෙම අධ්‍යයනයේ හමුවූ සීමා ද වැදගත් සොයාගැනීමක් ලෙස සැලකිය හැකි බව පෙන්වා දෙන ඔහු ඊට හේතුව ලෙස එහි සඳහන් කර ඇත්තේ, මෙම ගිණුම් එක ම පුද්ගලයෙකු හෝ සංවිධානයක් සතු ද , ඒවා මෙහෙයවන්නේ කවුද, ඒවා පිටුපස ස්වයංක්‍රීය පද්ධති තිබෙන්නේ, සහ ඒවායෙන් ලැබෙන ආදායම අවසානයේ කා වෙත ගලා යන්නේ ද යන්න ෆේස්බුක්හි ප්‍රසිද්ධියේ පෙනෙන තොරතුරු පමණක් ඇසුරෙන් තහවුරු කළ නොහැකි වීම යන්න ය.
මරියසෙල් ගුණතිලක: අවුරුදු 7දී ගායන වේදිකාවට පා තබා 68දී ජීවිත වේදිකාවෙන් බැස ගිය 'කැන්ඩි ළමිස්සි'
සිංහල සංගීත ක්ෂේත්රයේ බොහෝ දෙනෙකු පවසන ආකාරයට මරියසෙල් ගුණතිලකගේ හැරවුම් ලක්ෂය වූයේ, 'කැන්ඩි ළමිස්සි' ගීතය යි. 1977 වසරේදී පටිගත කරන ලද එම ගීතය ක්ෂණිකව අතිශයින් ජනප්‍රිය වූ අතර, මරියසෙල් ගුණතිලක සිංහල සංගීත ක්ෂේත්රයේ සලකුණක් තැබුවේ, එම ගීතය හරහා ය.
ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීම: මුදල් කාරක සභාවේ විමර්ශන වාර්තාවේ සඳහන් විශේෂ කරුණු 5ක්
රජයේ මුදල් කාරක සභාවට අනුව, මෙම වංචාව සිදු කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ අදාළ මූල්‍ය ආයතනයෙන් ඒවා ඇති බවට පෙනෙන ව්‍යාජ විද්‍යුත් තැපැල් සන්නිවේදනයන් හරහා ය. වංචාකරුවන් සැබෑ ණයහිමියාගේ ලිපිනයට සමාන විද්‍යුත් තැපැල් ලිපින භාවිතාකර වෙනස් කළ බැංකු ගිණුම් විස්තර අඩංගු ඉන්වොයිසි යවා ඇති බව මෙහිදී නිරීක්ෂණය කර තිබේ.
බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට වාර්තා වන ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ගැටුම් ඉතිහාසය: 1900 සිට 2026 දක්වා
ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ සඳහන් කර ඇති ආකාරයට 1900 වර්ෂයේදී මහර ප්‍රදේශයේ ගල්වළක් තුළ සේවය සඳහා යොදවා සිටි සිරකරුවන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබේ. පසුව මෙම ගැටුම සමථයකට පත් කර ගැනීමට එහි සිංහල කාර්ය මණ්ඩලය ඉවත් කර මැලේ කාර්ය මණ්ඩලයක් යෙදවීමට පියවර ගෙන තිබිණි.
මීගමුව බන්ධනාගාරයේ නොසන්සුන්තාව ගැන ඔබ නිතර නගන ප්‍රශ්න 10කට පිළිතුරු
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර ජූලි 5 සහ ජූලි 6 යන දිනවල ඇතිවූ නොසන්සුන්තාව පිළිබඳ පාඨක ඔබ නගන ප්‍රශ්න 10කට පිළිතුරු ලබාදීමට මෙම ලිපිය මගින් බීබීසී සිංහල අපේක්ෂා කරයි.