ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හිජාබය නොමැතිව ගී ගැයූ ගායිකාවකට කස පහර 74ක දඬුවමක්
හිජාබය නොමැතිව ගී ගැයූ ගායිකාවකට කස පහර 74ක දඬුවමක්
Published
2024 වසරේ පැවැති ප්‍රසංගයකදී හිජාබයකින් තොරව ගායනා කිරීම හේතුවෙන් ඉරාන ගායිකා පරස්තු අහ්මදිට කස පහර 74ක දඬුවමක් නියම කර ඇත. ඉරානයේ කාන්තාවන්ට ගායනය සහ රංගනය සම්බන්ධයෙන් දැඩි සීමාවන් පනවා තිබේ.
පරස්තු මෙම සීමාවන්ට එරෙහිව විරෝධය පෑමක් ලෙස 'මනඃකල්පිත' ප්‍රසංගයක් සංවිධානය කර, පසුව ඇගේ එම ඉදිරිපත් කිරීම අන්තර්ජාලයට මුදා හැරියාය. සංගීතඥයන් ඇතුළු තවත් අට දෙනෙකුට ද මෙම දඬුවමම නියම වී ඇත.